Home » ‘රාල කිතුල්’ වෙත හොඳම කුඩා කර්මාන්ත සන්නාම සම්මානය

‘රාල කිතුල්’ වෙත හොඳම කුඩා කර්මාන්ත සන්නාම සම්මානය

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) විසින් කොළඹදී පැවති විශිෂ්ට සම්මාන උලෙළේදී, A R Natural Exports Lanka (Pvt) Ltd සමාගමට අයත් සන්නාමයක් වන රාල කිතුල්, පොල්, කිතුල්, තන්තු සහ තල් ආශ්‍රිත නිෂ්පාදන සහ තන්තු ආශ්‍රිත කර්මාන්ත අංශයේ කුඩා පරිමාණයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාම සම්මානයෙන් පිදුම් ලැබීය.

රාල කිතුල්, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, දකුණු කොරියාව, හොංකොං සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් අටක ශක්තිමත් සන්නාම පැවැත්මක් ස්ථාපිත කර ඇත. ගෝලීය වෙළෙඳපොළේ සිය ප්‍රවේශය පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල සත්‍යතාව සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට සමාගම කැපවී සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division