Home » සියැට් හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගමක් වේ

සියැට් හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගමක් වේ

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත.

CPM හි 2025 සම්මාන උලෙළේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ ටයර්, රබර්, ලෝහ සහ දැව ගෘහ භාණ්ඩ’ අංශයේ ඉහළම සම්මානය ද සියැට් කැලණි සමාගමට හිමි විය. සියැට් කැලණි ශ්‍රී ලංකාවේ හොඳම

කළමනාකරණය කරන ලද සමාගම් අතරින් එකක් ලෙස අඛණ්ඩව ඇගැයීමට ලක් වූ දෙවන වසර මෙය වෙයි. CPM සම්මාන සඳහා තෝරාගැනීමේදී නායකත්වය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වයන් සහ සම්පත්, ක්‍රියාවලි සහ කාර්ය සාධනය යන කළමනාකරණ අංශවල හොඳම පිළිවෙත් සැලකිල්ලට ගෙන තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division