ඩයලොග් ආසිආටා, 2024 – ACCA සම්මාන උලෙළේ දී වසරේ විශිෂ්ටතම තිරසර වාර්තාකරණය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය. ඩයලොග් විසින් අනුගමනය කරනු ලබන තිරසරත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය වෙනුවෙන් ‘සාමාන්‍ය සේවා කාණ්ඩය’ යටතේ මෙම සම්මානය පිරිනැමුණු අතර, සිය ව්‍යාපාරික ක්‍රමවේද තුළින් මෙන්ම, මෙහෙයුම් කටයුතුවලදී තිරසර භාවිතයන් විශිෂ්ටතම අයුරින් පවත්වා ගෙන යාමට දක්වන අඛණ්ඩ කැපවීම, මෙම සම්මානය මඟින් අවධාරණය කෙරිණි. විනිශ්චය මණ්ඩල වාර්තාවට අනුව, විස්තරාත්මක අන්තර්ගතයන්ගෙන් හා විනිවිදභාවය අතින් විශිෂ්ට ඩයලොග් තිරසර වාර්තාව, අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සඳහා සමාගමේ කැපවීම හා වගවීමද විදහා දක්වයි.
“තිරසරත්ව භාවිතයන් කෙරෙහි අප දක්වන කැපවීමට පදනම් වී ඇත්තේ, දිගුකාලීන සාර්ථකත්වය උදාකර ගැනීමට නම් වගකිම්සහගත ආයතනික ප්‍රතිපත්ති පිළිපැදීම අත්‍යවශ්‍ය බවට වන විශ්වාසයයි…” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සීහි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ පැවසීය.