Home » සන්ෂයින් 21 වැනි RO Plant ඒකකය නක්වත්තාගමට

සන්ෂයින් 21 වැනි RO Plant ඒකකය නක්වත්තාගමට

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා විවෘත කළේය.

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන “දිය සරණ” ව්‍යාපෘතියේ කොටසක් වන මෙමඟින් පාසල් දරුවන් ඇතුළු 2,500 කට අධික පිරිසකගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ඇත. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ නිදන්ගත වකුගඩු රෝගය (CKDu) වැනි ජලය ආශ්‍රිත රෝග අවම කිරීමටද මෙය අරමුණු කරයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් උප සභාපති විෂ් ගෝවින්දසාමි මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) නිල වශයෙන් ජනතා අයිතියට පත් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division