Home » යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි

යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන වැඩසටහනක් ලෙස ‘Blog It Symposium – 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැදවත්තේගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම ශ්‍රී කාරියවසම්, සාවිත්‍රි රුද්‍රිගු සහ මහාචාර්‌ය කෝපලපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු සාහිත්‍ය ලෝකයේ සම්භාවනීයයන් පිරිසක් සහභාගි වූහ. මෙය, දැනුම බෙදාහදා ගැනීම සහ අනාගත ලේඛක පරපුර දිරිගැන්වීම අරමුණු කරගත් සක්‍රිය සංවාද මණ්ඩප සහ විශේෂිත වැඩමුළු ඇතුළු වැඩසටහන් පෙළකින් සමන්විත විය. යූනියන් ඇෂුවරන්ස් Blog It 3.0 තරගයේ ජයග්‍රාහකයන් සඳහා වූ සම්මාන උලෙළකින්

වැඩසටහන අවසන් විය.

‘Blog It Symposium 2025’ යනු ජනතාව දැනුවත් කිරීම සහ සිය මූල්‍ය අනාගතය නිවැරැදි දෙසට යොමු කර ගැනීම සඳහා ජනතාව සවිබල ගන්වන Blog It නමැති පුළුල් වැඩසටහනේ එක් පියවරකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division