බ්‍රේකිං නිවුස් අද
ක්‍රිශාන්ත වීරමන් නාට්‍ය නිර්මාණයක් වූ “බ්‍රේකිං නිවුස්” අප්‍රේල් 6 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී සවස 3.30 ට සහ 6.45 ට වේදිකාගත වේ.
උපතිස්ස බාලසූරිය , ක්‍රිශාන්ත වීරමන්, ප්‍රදීප් රාජපක්ෂ , නිශිකා , සොනාලී රංගනයෙන් දායක වෙති. බ්‍රේකිං නිවුස් හි සංගීත අධ්‍යක්ෂණය අසංග කුලතුංග ගෙනි. ආලෝකකරණය සුමින්ද උඩුගම වන අතර වේදිකා පරිපාලනය සෝමසිරි හේවාවසම් විසිනි.
නිෂ්පාදනය ප්‍රසන්න අබේරත්න විසින් සිදු කෙරේ.
” සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී
වසරේ විශිෂ්ටතම නාට්‍යයට හිමි සම්මානය ඇතුළු සම්මාන අටක් දිනා ගත් “සඳුදා වැටෙන්නේ සිකුරාදාට ” නාට්‍ය අප්‍රේල් 27 වැනිදා සවස 3.30ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකාගත වේ.
මෙය චාලක රණසූරියගේ නාට්‍ය නිර්මාණයක් වන අතර දිලූපා නිරෝෂිණී අල්විස්ගේ නිෂ්පාදනයකි.
රවීන්ද්‍ර ආරියරත්න ගෙන් චරිතේ හොරු අරං
රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණ චරිතේ හොරු අරං වේදිකා නාට්‍ය අප්‍රේල් 26 වැනි දා සවස 3.30 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ.
මෙහි ගිහාන් ප්‍රනාන්දු , චමිලා පීරිස්, ෆර්නි රෝෂිණී , සරත් කරුණාරත්න , චින්තක පීරිස් , ප්‍රසංග කහඳවාඅරච්චි රංගනයෙන් දායක වෙති.
මෙම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ඇන්තනී සුරේන්ද්‍ර විසිනි.
” අමුතු දීගේ” 16 වැනිදා සිට……..
සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලි නට්‍යය වන අමුතු දීගේ මෙම අප්‍රේල් 16 වැනිදා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
ප්‍රවීණ ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ අමුතු දීගේ නව කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම ටෙලි නාට්‍යයේ සංජය මොරමුදලි , චානුක ප්රබුද්ධ , සුහන්දි ඕෂානි, පාලිත සිල්වා, ෆර්නි රෝෂිණී , හංසමාලා ජානකී , නලීන් ප්‍රදීප් උඩුවෙල , හර්ෂිකා රත්නායක , ක්‍රිෂාන් පෙරේරා, ඔෂිකා පෙරේරා, දුෂ්‍යන්ති සේවික්‍රම ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.
අමුතු දීගේ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. කැමරාකරණය මංජුල වනසිංහගෙනි. ප්‍රිසිලා ගොඩහේවාගේ අදසකට අනුව අමුතු දීගේ පිටපත රචනා කරන ලද්දේ ප්‍රබෝද්‍යා වන්නිආරච්චි විසිනි.
– නයනාංජලී දෙහිපිටිය