50
මිනිසා වෙනුවෙන්
යම් යහපත් දෙයක්
කළ යුතුයැයි
මගේ හිත කියනවා.
ඉතින් ඇයි
එය නොකරන්නෙ?
ඒ සඳහා අවශ්‍ය යානවාහන,
ඉඩකඩම්, මිලමුදල්,
තනතුරු ආදි කිසිවක්
මා සන්තකයේ නැහැ.
මිනිසාගේ යහපත උදෙසා
එබඳු කිසිවක් අවශ්‍ය නැහැ.
ඇත්තෙන්ම
ඒ කිසිවක්
අවශ්‍ය නැහැ.
එහෙනම්
අවශ්‍ය කුමක් ද?
ඔබේ මුවග
සිනා රැල්ලක් රැඳී තිබේ නම්
එපමණක් ඇති.