රාජ්‍ය ආයතනවල සේවයේ නිරත නිලධාරීන්ගේ නිර්මාණ හැකියාව ඔප්නැංවීම, ඇගැයීම, සහ එළිදැක්වීමට අවස්ථාව උදාකිරීම සහ එමඟින් රාජ්‍ය ආයතනවල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලබන ‘රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය – 2025’ සඳහා අයදුම්පත් කැඳවේ. කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ, චිත්‍ර නිර්මාණ සහ ඡායාරූප නිර්මාණ පහත සඳහන් කොන්දේසිවලට යටත්ව 2025 මැයි 15 වැනිදාට පෙර ද කෙටි නාට්‍ය සහ කෙටි චිත්‍රපට නිර්මාණ 2025 ජූනි 30 වැනිදාට පෙර ද එවිය යුතුය.
පොදු කොන්දේසි
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ නිරත ඕනෑම අයකුට මෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතනවල නිලධාරීන් පමණක් ඉදිරිපත් විය යුතුය.
තරග කොන්දේසි
ගීත රචනා, පද්‍ය රචනා සහ කෙටිකතා A4 ප්‍රමාණයේ කඩදාසිවල තනි පැත්තේ ද කෙටිකතා උපරිම වචන 2000කට යටත්ව ද ගීත රචනා මිනිත්තු 3- 3 ½කට සහ පද්‍ය රචනා උපරිම කොටස් 10කට සීමාවද ඉදිරිපත් කළ යුතු අතර චිත්‍ර නිර්මාණවලදී කැමැති මාධ්‍යයක් භාවිත කළ හැකි අතර 18 X 15 ප්‍රමාණයේ විය යුතුය.
ළමා සාහිත්‍ය නිර්මාණ වයස අවු.10ට අඩු ළමුන් සඳහා උචිත වන ධනාත්මක සිතිවිලිවලින් ළමා මනස සංවර්ධනය වන ආකාරයේ තේමාවක් රැගත් සරල බසකින් යුතු විය යුතුය.
කෙටි නාට්‍ය අත්පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසිවල තනි පැත්තේ පරිගණක කර අත්පිටපත් 3කින් යුක්තව ඉදිරිපත් කළ යුතුය.
මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසු උපරිම ධාවන කාලය මිනිත්තු 15කට සීමා වන කෙටි චිත්‍රපට ඉදිරිපත් විය යුතු අතර ඡායාරූප නිර්මාණ අඟල් 12 X 18 හෝ 10 X 15 ප්‍රමාණයෙන් මුල් ගොනු (JPEG) 3කට සීමා විය යුතුය. පළමු, දෙවැනි, තෙවැනි ස්ථාන සහ කුසලතා ස්ථාන 5ක් සඳහා මුදල් ත්‍යාග සහ සම්මාන පිරිනැමේ.
ඔබ විසින් සකසාගනු ලබන ස්වතන්ත්‍ර නිර්මාණය, සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද අයදුම්පත ද සමඟින් ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර ‘රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය -2025 (තරග අංශයේ නම)‘ ලෙස සඳහන් කර ලේකම්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 08 වන මහල, සෙත්සිරිපාය, 1 අදියර, බත්තරමුල්ල යන ලිපිනයට එවීම හෝ අමාත්‍යාංශයේ ප්‍රවර්ධන අංශයට බාරදීමට කටයුතු කළ යුතු අතර 0112861325 හෝ www.cultural.gov.lk වෙතින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.