Home » කැලණිය ජනසන්නිවේදනයට සුහුරු පුවරු පරිත්‍යාගයක්

කැලණිය ජනසන්නිවේදනයට සුහුරු පුවරු පරිත්‍යාගයක්

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආදි විද්‍යාර්ථින් වන ශාස්ත්‍රපති ගයාන් ඉද්දමල්ගොඩ සහ ශාස්ත්‍රපති ඉනෝකා මිණිපලඟ විසින් එම අධ්‍යයන අංශයට අත්‍යවශ්‍ය ව තිබූ සුහුරු පුවරුවක් (Smart Board) පසුගිය දා පරිත්‍යාග කරන ලදී.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආදී විද්‍යාර්ථ සංසදයේ සුහද හමුවේදී මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. 1973 වසරේදී පිහිටුවන ලද කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයෙන් විශේෂ, ගෞරව උපාධි ලබාගත් වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශාස්ත්‍රපති ගයාන් ඉද්දමල්ගොඩ මහතා සහ ශාස්ත්‍රපති ඉනෝකා මිණිපලඟ මහත්මිය විසින් එම සුහුරු පුවරුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ කතිකාචාර්යය විජයානන්ද රූපසිංහ මහතාට පිළිගන්වන අවස්ථාව යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division