සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ දේශයේ පරිසරය සුරක්ෂිත කිරීමෙහිලා දියත්කොට ඇති “සියපතෙන් මිහිකතට ” තිරසර සමාජ සත්කාරක වැඩසටහන ශ්‍රී පාදස්ථානයේ සුපිරිසුදු බව රැක ගැනීම වෙනුවෙන් දායක වී ඇත. පාරිසරික මෙන්ම ආගමික වශයෙන්ද ලෝක උරුමයක් වන ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසළ එක්රැස් වීමේ ගැටලුව නිරාකරණය කිරීමෙහිලා මහජන දැනුවත් කිරීම් පුවරු සවි කිරීමටත් ප්ලාස්ටික් සහ පොලිතින් ක්‍රමානුකූලව බැහැර කිරීමට කසළ බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමටත් සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කොට තිබේ.
අප රටට ආවේණික සත්ත්ව හා ශාක ප්‍රජාවන් 8% ක් මෙන්ම, වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ සහ සත්ත්වයන් රැසක් ජීවත්වන ජෛව විවිධත්වයෙන් සුවිශේෂී ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයක්ද වන නිසා රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම් කොට ඇත.