සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පබෝදා සන්දීපනී, රිතූ ආකර්ෂා, ප්‍රමිලා සුරංගනී, ප්‍රසන්නජිත් අබේසූරිය, තරංග දිසානායක, ගීතා කාන්ති ජයකොඩි, නිරෝෂන් විජේසිංහ, චානුක ප්‍රබුද්ධ, හර්ෂණ බෙත්මගේ, සංජය මුරමුදලි, ශෙෂාන් දීමන්ත, අපූර්වා ආශාවරී, නයනා හෙට්ටිආරච්චි, සමන්තගේ හේරත්, චමෝධ්‍ය අබේරත්න, සුජානි මධුවන්ති, රංගජිත් අබේසූරිය, යශෝධරා මාන්නගේ රංගනයෙන් එක්වෙති.
අයිෂා හා රිසානා නම් වූ මිතුරියන් දෙදෙනා මන්නාරමේ සිය නිවෙස්වලට හොර රහසින් කොළඹ බලා එන බස් රථයක නැඟ කොළඹට පැමිණෙන්නේ තමන් ප්‍රිය කරන තරුණ නර්තන ශිල්පියා දැක ගන්නටය. බටහිර නර්තයකට දැඩිව ආශා කරනා අයිෂා හා රිසානා ඒ වන විට ඉමහත් ජනප්‍රියත්වක් ලබා සිටිනා මැක්ස් ඩී නම් නව යොවුන් නර්තන ශිල්පියා සොයා එන ගමනේදීත් ඉන් පසුවත් තමන්ට විඳින්න වන විවිධ අත්දැකීම් ඔස්සේ මේ කතාව දිගහැරේ. සමාජයේ විවිධ මට්ටමේ තරුණියන් රැසකගෙ කතාවක එකතුවක් ලෙස දිගහැරෙන ‘සිල්ලර හීන‘ අගතිගාමී දේශපාලන හා සමාජ රටාව වටා ගෙතුණු කාසි මත පදනම්ව හීන උඩ දුවන හා කාසියට යටවුණ ජීවිතවල කතාවකි.
ජේ. මුණසිංහ