එතෙර මෙතෙර ලාංකික හදවත් ආමන්ත්‍රණය කරන නවමු වෙබ් රේඩියෝ අත්දැකීම තේමා පාඨය බවට පත්කර ගනිමින් 2018 වසරේ අප්‍රේල් මස 11 වන දින උදෑසන 7.59ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ මහිම රේඩියෝ නාළිකාව මේ සමරනු ලබන්නේ හත් වැනි වසරයි.
එහි සභාපති ලහිරු සේනාරත්න හා ප්‍රධාන විධායක නිලධාරි නාමල් බුද්ධික යන දෙපළගේ නායකත්වය යටතේ මහිම වෙබ් රේඩියෝ ක්‍රියාත්මක වන අතර මෙහි වැඩසටහන් සහකාර කළමනාකරු ලෙස තාරක විජේසිංහ කටයුතු කරයි.
හංසි රිදීවිට, මධුශාන් කාවින්ද, තිලංක තුලංජන, උතුම් ගරුසිංහ වරුෂ රන්දිය යන නිවේදක මඬුල්ල විසින් මහිම රේඩියෝ නාළිකාවේ වැඩසටහන් සිය ශ්‍රාවකයන් වෙත ගෙන එති.
මහිම රේඩියෝ දිගන්තය, සින්දු කාමරේ, හිරිමල් සති අන්තය ඔබේ ගීත පවස නිවන ගීත ඉල්ලීම් වැඩසටහන් වන අතර ලාංකේය කලා කෙත සුපෝෂණය කළ ප්‍රවීණ කලා ශිල්පීන් සම්බන්ධ වන අරවින්ද යාය වැඩසටහන, ආධුනික ශිල්පීන් වෙනුවෙන් වෙන් වූ සිත්ගත් ගී වැඩසටහන, ඔබේ ජීවිතය ධර්මානුකූල මාවතක් වෙත යොමු කරන ධම්මානු ධම්ම පටිපදා, ගී තරු යාය නව ගීත දර්ශකය, අතීතය සිහි ගන්වන අකාලික වසන්තය, ආදී හරවත් මෙන්ම රසවත් වැඩසටහන් පෙළගැස්මකින් මහිම රේඩියෝවෙන් විකාශය වේ.
ඊට අමතරව නෝ පොලිටික්ස්, අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ, ධම්ම සෝභා, ආදී නවමු වැඩසටහන් ගොන්නක්ද 7 වන සංවත්සර සැමරුමට සමගාමීව ශ්‍රාවක ඔබ වෙත ගෙන ඒමට මහිම රේඩියෝ නාළිකාව බලාපොරොත්තුවෙන් සිටියි.
සාම්ප්‍රදායික මෙන්ම ඒකාකාරී ගීත පමණක් ප්‍රචාරය වූ වෙබ් රේඩියෝ කලාව වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය ලෙස මහිම රේඩියෝ නාළිකාව ඉතිහාසයට එක්ව තිබේ. සංඛ්‍යාත ගුවන් විදුලි නාළිකා හා සමානවම වැඩසටහන් ඉදිරිපත් කරමින් වෙබ් රේඩියෝ නාළිකාවක් සඳහා ගුණාත්මක බවක් එක් කළ පෙරළිකාරයෙකු ලෙස මහිම රේඩියෝ හඳුන්වා දීමට පුළුවන්.
මවු රටෙන් නික්ම හුදෙකලාව කල් ගෙවන අපේම සහෘද හදවත් සඳහා පාළුව තනිකම දුරලමින් දැනුම විනෝදය රසවින්දනය සමඟ ඔබ හමුවට එන මහිම රේඩියෝ නාළිකාව පසුගියදා සිට සිය විකාශන පථයන් පුළුල් කරමින් මෙතෙක් සිදුකළ වෙබ් සහ ෆේස්බුක් සජීවීකරණය අබිබවා ටික්ටොක් සමාජ ජාලය ඔස්සේද වැඩසටහන් සජීව ලෙස ප්‍රචාරය කිරීම ඇරඹීම සිහිපත් කරන්නෙ සතුටින් යුතුවය.
කුමුදුනී