ප්‍රංසයේ අති දක්ෂිණාංශික ජාතික රැලි (NR) පක්ෂ නියෝජනයෙන් 2027 ප්‍රංස ජනපතිවරණයේ ප්‍රබල අපේක්ෂිකාව වූ මාරිනේ ලී පෙන් ඉවත් කර අති බව අප්‍රේල් පළමු දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 2011 සිට 2021 දක්වා RN පක්ෂයේ සභාපතිත්වය දැරූ ඇය 2027 ජනපතිවරණ සටනේ පෙරටුගාමීම අපේක්ෂිකාව වූ බව ප්‍රංස ජනපතිවරණ මැතිවරණ බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබිණි.
මාරිනේ ලී පෙන්ට කුමක් වීද?
ප්‍රංස අධිකරණය විසින් ඇයට එරෙහිව ගොනු කළ ප්‍රබලම චෝදනාව වූයේ ඇය යුරෝපීය සංගමයේ අරමුදල් RN පක්ෂයේ සාමාජිකයන් වෙනුවෙන් අනිසි ලෙස පරිහරණයට ගෙන ඇති බවයි. ඇත්ත වශයෙන්ම මාරිනෙ ලී පෙං 2027 ජනපතිවරණ තරගයෙන් ඉවත් කිරීම එක්තරා ආකාරයකින් ප්‍රංස දේශපාලනය අර්බුදයකට පත් වීමක් ලෙස ගෝලීය දේශපාලනඥයන් විස්තර කර ඇත. ඇයට කොතරම් බරපතළ දඬුවමක් ගොනු වී ඇත් ද යත්: සිව් වසරක සිර දඬුවමක් (අවු. 2ක නිවාස අඩස්සිය) හා යූරෝ 100,000ක දඩ මුදලකි. මාරිනේ ලී පෙං මේ සම්බන්ධයෙන් ඇයගේ නීතිඥවරයා මඟින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, අභියාචනය දිනාගැනීමට ඇයට හැකි වේද යන්න මේ වන විටත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකිනි. ප්‍රංස ඉහළ උසාවිය ප්‍රකාශ කර ඇත්තේ, මාරිනෙ ලී පෙං අත්අඩංගුවට ගැනීම අරබයා මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට ඇතැම් කොටස් වෙතින් පළ වන විරෝධය, ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තුළ පිළිගත නොහැකි තත්ත්වයක් බවයි,යනුවෙන් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. ලී පෙං නියෝජනය කරන RN පක්ෂයටද යුරෝ මිලියන 2ක දඩයක් ගෙවීමට නියම කර ඇති අතර, ඒ යුරෝපීය සංගමයේ අරමුදල් අවභාවිත වීම සම්බන්ධයෙන් ගෙවිය යුතු යූරෝ මිලියන 4.1ක ප්‍රමාණය සලකමින් බව වාර්තා විය.
ප්‍රංසයේ අභ්‍යන්තර ප්‍රතිචාරය
මාරිනේ ලී පෙංට එරෙහිව අධිකරණ තීන්දු දුන් විනිසුරු මඬුල්ලේ ප්‍රධානි බෙනෙඩික් ඩී. පතයුස් ප්‍රකාශ කර ඇති පරිදි, යුරෝපීයේ, ප්‍රජාතන්ත්‍රවාදි පාලන රටාවේ භාවිතයට එල්ල වූ තදබල ප්‍රහාරයක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් RN පාක්ෂික ජනපති අපේක්ෂිකා ලී පෙං දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඇයට මුහුණ දීමට සිදු වූ මේ තත්ත්වය, පැහැදිලිවම නීතිමය පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් ලෙසිනි. මානව අයිතීන් පිළිබඳ යුරෝපීය කොමිසමේ වගන්තිවලට අනුව ඇයට මේ සම්බන්ධයෙන් ඵලදායි පිළියමක් වෙත යෑමට ඇයට පැහැදිලි අයිතියක් ඇති බවත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මාරිනෙ ලී පෙංගේ හිතවතියක වූ ජෝර්ඩන් බාඩෙලා ලී පෙංට සහායක් ලෙස ප්‍රංස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ලී පෙං වෙනුවෙන් සම්පාදිත පෙත්සමට අත්සන් තබා ඇයට සහාය පළ කිරීමට ඒකරාශි වන හැටියටය.
පී. ආර්. දුෂාන්ති සිල්වා