Home » ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී SINGHE Furniture සම්මානයට පාත්‍ර වෙයි

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී SINGHE Furniture සම්මානයට පාත්‍ර වෙයි

by chanaka
April 10, 2025 10:01 am 0 comment

ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී SINGHE Furniture සම්මාන ද්විත්වයක් හිමි කර ගනමින් සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා ආර්ථිකයට හා ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්ත කේෂ්ත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙලෙස ඇගයීමට ලක් විය.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා‌ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස, ඊගල්ස් ලේක්සයිඩ්හි දී පැවැත්විණි.

මධ්‍ය පරිමාණ කර්මාන්ත කේෂ්ත්‍රය තුළ ඉහළ පරිසාධන මට්ටමට ලඟා වීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම කර්මාන්ත සන්නාමකරු ලෙස ‘ප්ලැටිනම් සම්මානය’ මෙන්ම ආර්ථිකයට දක්වන දායකත්වය වෙනුවෙන් දැව, දැව ආශ්‍රිත සහ ගෘහ භාණ්ඩ අංශය යටතේ වසරේ විශිෂ්ටතම කර්මාන්ත සන්නාමකරු ලෙස ‘ජාතික සම්මානය’ යන සම්මාන ද්විත්වයම හිමි කර ගනිමින් SINGHE Furniture ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කේෂ්ත්‍රයේ ප්‍රමුඛත්වය යළිත් වරක් තහවුරු කර තිබේ.

ගෘහ භාණ්ඩ කර්මාන්ත කේෂ්ත්‍රයේ ව්‍යවසායකයින් 22 දෙදනෙකු අතුරින් SINGHE Furniture සම්මානයට පාත්‍ර වීම තුළින් එහි ඇති ගුණාත්මකභාවය, නවෝත්පාදන හා තිරසරභාවය සඳහා ඇති අද්විතීය කැපවීම පිළිබිඹු කරයි.

ගෘහ භාණ්ඩ කේෂ්ත්‍රයේ ශ්‍රී ලාංකික ශිල්පීය හැකියාවන් ජාතික මට්ටමට ඔසවා තබමින් සිය දේශීය නිෂ්පාදන ගෝලීය වෙළෙදපොළට ව්‍යාප්ත කිරීම අරමුණ බව SINGHE සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක මාලක රූබසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලක රූබසිංහ මහතා,

” නවෝත්පාදන ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි කිරීම රටක සංවර්ධනයට ඉවහල් වන අතර සම්ප්‍රදාය නවීන මෝස්තර සමඟ මිශ්‍ර කරමින් අපගේ අනන්‍යතාවය ආරක්ෂා කරගත් උසස් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකියාව ලැබී තිබෙනවා. ශිල්පීයත්වයේ හා නවෝත්පාදනයේ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමින් පාරිභෝගිකයින් වෙනුවෙන් උසස් නිෂ්පාදන හා සුහදශිලී සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. කණ්ඩායමේ කැපවීම, අධිෂ්ඨානය, උද්යෝගය, අරමුණු හා ඉලක්ක වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙහි ප්‍රතිඑලයක් ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර වීම ආඩම්භරයක් මෙන්ම අපගේ ආයතනික සීමාවන් පුළුල් කරමින්

ආයතනික දැක්ම ශක්තිමත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි.”

1979 වර්ෂයේදී ආරම්භ කරන ලද SINGHE Furniture ආයතනය ජනාතාවගේ දෛනික ජීවන අවශ්‍යතා මෙන්ම සුඛෝපභෝගීත්වය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ නිෂ්පාදන සන්නාමයක් ලෙස ස්ථාපිත වී තිබේ. මොරටුව හා මාලඹේ පිහිටි SINGHE Furniture ප්‍රදර්ශනාගාර තුළින් විසිත්ත කාමර, කෑම කාමර හා නිදන කාමර ඇතුළු පාරිභෝගිකයින්ගේ ගෘහ භාණ්ඩ අවශ්‍යතා පුළුල් පරාසයකින් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ති‌බේ. තේක්ක ඇතුළු උසස් අමුද්‍රව්‍ය භාවිතාකොට ප්‍රවීන හා උසස් නිර්මාණ ශිල්පීන්ගේ දෑතින් නිෂ්පාදනය වන අලංකාර ගෘහ භාණ්ඩ පාරිභෝගිකයින්ට තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ගෘහ භාණ්ඩ කර්මාන්තයෙන් ලද අද්දැකීම් හා සාර්ථකත්වයෙන් ඔබ්බට ගොස් SINGHE සමූහය WAVE Bolgoda by SINGHE නමින් සංචාරක ප්‍රවර්ධන කේෂ්ත්‍රය තුළද සාර්ථකත්වයට පත්ව තිබීම විශේෂත්වයකි. එම ස්ථානයෙහි අවන්හල්, උත්සව ශාලා, කැරොකි, විවේකාගාර සහ විවිධ ජල ක්‍රීඩා ක්‍රියාකාරකම් දේශීය හා විදේශීය සංචාරකයින් වෙත නැවුම් අද්දැකීමක් එක් කරනු ඇත.

SINGHE Furniture හි ඇති අසමසම ගුණාත්මක භාවය හා වටිනාකම් අත් විදීමටත්, පාරිභෝගිකයින්ට සිය ගෘහ භාණ්ඩ අවශ්‍යතා තෝරා ගැනීමට පහසු වීම සඳහා විශේෂඥ උපදෙස් ලබා දීමට ‘Furniture Doctor’ නමින් සේවාවක් පවත්වාගෙන යනු ලැබේ. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට හා වැඩි විස්තර www.singhefurniture.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0767288143 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division