Home » නවතා තිබූ ඊශ්‍රායල් කෘෂි රැකියා යළි ඇරඹේ

නවතා තිබූ ඊශ්‍රායල් කෘෂි රැකියා යළි ඇරඹේ

by chanaka
April 10, 2025 8:13 pm 0 comment

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හා පීබා (PIBA) ආයතනයේ නිළධාරීන් මෙරටට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් හා අනෙකුත් පරීක්ෂණවලින් සුදුසුකම්ලත් පුද්ගලයින් 95 දෙනෙකු තෝරාගන්නා ලදී. එසේ සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් ඊශ්‍රායලය බලායාමට නියමිත ශ්‍රමිකයින් 12 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම අද (10) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම පිරිස අප්‍රේල් 20වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

ඊශ්‍රායල් රජයේ නියෝජිතයින් විසින් තෝරාගන්නා ලද ශ්‍රමිකයින් අතුරින් කණ්ඩායම් දෙකක් මීට පෙර ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, මෙය තුන්වන කණ්ඩායම වේ.

ඊශ්‍රායල් බලධාරීන් සමග දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රථිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා යළි ලබාගැනීමට හැකිවූ බවත්, ලැබූ රැකියා අවස්ථාවන් ආරක්ෂා කරගැනීමේ හෝ තවදුරටත් වැඩි කරගැනීමේ සියළු වගකීම් ඇත්තේ ශ්‍රමිකයින් සතුව වන බවත්, එබැවින් ඔවුන් නිළ නොලත් තානාපතිවරුන් වන බවත් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී රැකියාලාභීන් හමුවේ ප්‍රකාශ කළේය. ඔවුන්ට අවශ්‍ය වන ඕනෑම මොහොතකදී කාර්යාංශය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, උපයාගන්නා මුදල් නිසි පරිදි ආයෝජනය කර අනාගත අභිවෘද්ධිය සඳහා යොදවාගන්නා ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division