දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි අරමුණයි.
2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ LankaPay එක්ව සිල්ලර ගෙවීම් නවීකරණය කිරීම සඳහා LankaQR ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පිළිගැනීමට පහසු, ආරක්ෂිත සහ දැරිය හැකි ක්‍රමයක් සැපයීම මෙහි අරමුණ විය. තවද මෙම මුල පිරීම ඩිජිටල් ගනුදෙනු සරල කිරීම සහ වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත.