මෙරට ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමයක් වන Signature, සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාරය මාතලේ නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අංක 23, 25, ප්‍රින්ස් වීදිය, මාතලේ යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ශාඛාව Signature සන්නාමයේ 10 වැනි ප්‍රදර්ශනාගාරය ලෙස සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මේ පිළිබඳ සිය අදහස් දැක්වූ Signature සන්නාම අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ්, “Signature ප්‍රදර්ශනාගාරයක් මාතලේ නගරයේ විවෘත කිරීමට ලැබීම අපට ආඩම්බරයක්. මේ හරහා මාතලේ ඇතුළත මෙන්ම, කොළඹින් පිටත අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වනවා. මෙම නව ශාඛාව සමඟින් Signature සන්නාමය, අලුත් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට සහ දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තූ වනවා…” යැයි පැවසීය.