නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් පවත්වන ලදි.
NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය Zoom හරහා ඔන්ලයින් තාක්ෂණයෙන් පවත්වන ලදි. මෙම සැසිය අතරතුර, ප්‍රධාන විධායක නිලධාරීවරයා 2024 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය, එහි උපායමාර්ගික දිශානතිය සහ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළේය. ඉන්පසුව, ආයෝජකයින්ට සහ විශ්ලේෂකයින්ට බැංකුවේ වර්ධන ගමන් පථය සහ අනාගත දැක්ම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙමින් ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි. මෙම සැසිය පර්යේෂණ විශ්ලේෂකයින්, කොටස් තැරැව්කරුවන්, අරමුදල් කළමනාකරුවන් සහ ආයෝජකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් රැසකගෙන් සමන්විත විය.