Home » ක්‍රීඩාලෝලීන් සහ වෙළෙඳ නාම එක් කරමින් පැඩෙල් ලීග තරගාවලියක්

ක්‍රීඩාලෝලීන් සහ වෙළෙඳ නාම එක් කරමින් පැඩෙල් ලීග තරගාවලියක්

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆ්‍රැන්චයිස් පැඩෙල් තරගාවලිය වන ශ්‍රී ලංකා පැඩෙල් ලීගය (SLPL) 2025 ජුනි මාසයේදී නිල වශයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. SLPL තරගාවලිය සඳහා කලම්බු චාජර්ස්, යාල රේන්ජර්ස්, හික්කඩුව රයිඩර්ස්, ඇල්ල හෝක්ස්, ආරුගම්බේ වයි පර්ස් සහ ට්‍රින්කෝ වොරියර්ස් යන ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක් තරග වදිති.

මෙම තරගාවලිය ජූනි 21, 22 සහ 23 යන තෙදින කොළඹ සී.ආර්. ඇන්ඩ් වයි. ක්‍රීඩාංගණයේ පැඩෙල් හවුස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

” මෙම තරගායේ නිල ස්ථාන සහකරු වන, පැඩෙල් හවුස් සම- නිර්මාතෘ රජීව් රාජපක්ෂ පැවසූයේ, ” මෙම ලීගය හරහා ක්‍රීඩකයින්ට ජාතික වේදිකාවක් නිර්මාණය වන අතරම, ක්‍රීඩාලෝලීන්, වෙළෙඳ නාම සහ ප්‍රජාව එකට එක් කිරීමේ දොරටු ද විවෘත වනවා….’’ යනුවෙනි. ලීගයේ සංවිධාන කටයුතු මෙහෙය වන Eventistry Sports ආයතනයේ අධ්‍යක්ෂ කරින් විජේරත්න පැවසූයේ, “වේගවත්, ඉහළ ජවයකින් යුතු සහ ගැඹුරින් ප්‍රජාව මෙහෙයවන නව ආකාරයේ ක්‍රීඩාවකට මේ හරහා ශ්‍රී ලංකාව සූදානම් කෙරෙනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division