වසර පුරා සූර්යාලෝකය ලැබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව, සෝලා බලශක්තියට සුදුසුම රටකි. ඔබේ අවශ්‍යතාවට වඩාත් ගැළපෙන සහ සුදුසුම සෝලා නිෂ්පාදනය උසස්ම ප්‍රමිතියකින් යුතුව ලබා ගැනීමෙන් දිගු කාලීනව උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීමේ අවස්ථාව හිමි වේ. විශ්වාසවන්ත සමාගමකින් සෝලා නිෂ්පාදන ලබා ගැනීමෙන් විශිෂ්ට තාක්‍ෂණය, අසමසම පාරිභෝගික සේවාව සහ දිගු කාලීන වගකීමක් හිමි වේ.
අබාන්ස්, සෝලා නිෂ්පාදන සඳහා සෝලා ක්‍ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සන්නාමයන්ට අයත් උපාංග භාවිත කරන අතර, Growatt සහ Huawei වැනි ලොව සුපතළ ඉන්වර්ටර් යොදා ගනියි. වසර 30කට අධික කාලයක් වාර්ෂිකව 0.40% ක කාර්යක්‍ෂමතා අවම වීමක් සමඟ 22.84% ක පැනලයක කාර්යක්‍ෂමතාවක් ද, නිෂ්පාදනය සඳහා වසර 12ක වගකීමක් සහ ක්‍රියාකාරීත්වය සඳහා වසර 30ක වගකීමක් ද ලබා දෙයි.