ඩිජිටල් ගෙවීම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනයක් වන Visa සමාගම (NYSE: V). ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සව ශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.
Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන්ම කටයුතු කරනු ලැබේ. පාරිභෝගිකයින්ට අවුරුදු සමයේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට ඔවුන්ගේ Visa කාඩ්පත් tap කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ප්‍රමුඛ පෙළේ වෙළෙඳසල් රාශියකින් දීමනා සහ වට්ටම් (offers and discounts) ලබා ගත හැකිය.