ස්වදේශී කොහොඹ විසින් පසුගිය දා නවතම නිෂ්පාදනයක් ලෙස ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙන ලදි. ස්වාභාවික කොහොඹ හා ලෙමන්ග්‍රාස් සාරයෙන් පරිපූර්ණ ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන්, සුමුදු ලෙස විෂබීජවලින් සම ආරක්ෂා කරමින් ශරීරයේ දහදිය දුගඳ නැති කර දිගු වේලාවක් පවතින ප්‍රබෝධවත් සුවඳක් ලබා දෙයි.
මෙහි මව් සන්නාමය වන 1943 වසරේ දී වෙළෙඳපොළට හඳුන්වා දුන් ස්වදේශී කොහොඹ සබන්, ආරම්භයේ පටන් අද දක්වාම ශාකසාර සත්කාරක අංශයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගනියි. වසර 80ක විශ්වාසය රැඳි ස්වදේශී කොහොඹ ශාකසාර සබන්, සම ස්වභාවිකව පිරිසුදු කරමින්, සුමුදු ලෙස විෂබීජවලින් රැකවරණය ලබා දීම සඳහා විශිෂ්ට ලෙස දායක වේ. ස්වාභාවික සුන්දරත්වය වැඩි දියුණු කරන, සම ගැඹුරින් පිරිසුදු කරන ගුණයන්ගෙන් ස්වදේශී කොහොඹ ශාකසාර සබන් සමන්විත වේ.