Home » ආයෝජකයන් දිරි ගන්වන සයිබර් නීති සැකසීමට ICTLG නීතිඥ සංසදයේ සහාය

ආයෝජකයන් දිරි ගන්වන සයිබර් නීති සැකසීමට ICTLG නීතිඥ සංසදයේ සහාය

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
සභාපති ආචාර්ය සුනිල් අබේරත්න සහ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ

ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩනැඟීමට අත්‍යවශ්‍ය කාර්යක්ෂම සයිබර් නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වන බව පසුගියදා පැවති 3 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නීතිඥ සංසදය (ICTLG) තීරණය කර තිබේ.

” අනාගතය ඩිජිටල් ආර්ථිකය මත වඩාත් රඳා පවතින බැවින්, සයිබර් ආරක්ෂාව ලබා ගත හැකි වීම, ආයෝජකයින්ට පහසුවක් වනු ඇත. අන්තර්ජාල ආරක්ෂක නීති පිළිබඳ දැනුමක් ඇති නීතිඥයින් සිටීම අනාගත ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට ධනාත්මක හේතුවක් ද වනු ඇත…” ICTLG සභාපති ආචාර්ය සුනිල් අබේරත්න පැවසීය.

ජනාධිපති නීතිඥ සහ වත්මන් නීතිපති, පාරින්ද රණසිංහ මෙසේ පැවසීය, ” අභියෝගයට මුහුණ දීම සඳහා දැන් පොලිස් දෙපාර්තමේන්තුවට තමන්ගේම සයිබර් අපරාධ ඒකකයක් තිබේ. දැන් Online ගනුදෙනු බහුල බැවින් මාර්ගගත ව සිදු කරන අපරාධ සංඛ්‍යාව ද වැඩි වී තිබේ. එය, ආයෝජන කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි. එබැවින්, සාමාජිකයින් දැනුමෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය ය. මේ ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු කාලයයි…”

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division