Home » Original Equipment ක්ෂේත්‍රයේ සියැට් කොටස 90% ඉක්මවයි

Original Equipment ක්ෂේත්‍රයේ සියැට් කොටස 90% ඉක්මවයි

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර හයක කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස්, මෙරට එකලස් කරන වාහන සන්නාම 11ක් සඳහා සිය දායකත්වය ලබා දෙයි. ඒ අතරට SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වන බව සමාගම පවසයි. ශ්‍රී ලංකාවේ එකලස් කරන බස් රථ මාදිලි 16ක් සහ යතුරුපැදි මාදිලි පහක් ද ඇතුළුව වාහන මාදිලි 30ක් සඳහා සියැට් ටයර් සවි කරනු ලැබේ.

සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් 90%කටත් වඩා ආවරණය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division