රාජ්‍ය ආර්ථිකයට ඍජු දායකත්වයක් සපයන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ආයතන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යන ජාතික කර්තව්‍යයට උරදෙමින්, 600කට ආසන්න කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සියලු සේවක පිරිසගේ රැකියා විස්තර (Job Description) සැකසීම සහ ආයතනයේ අපේක්‍ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සෑම සේවකයකු වෙනුවෙන්ම ප්‍රධාන කාර්යසාධක දර්ශකයන් (KPl) නියම කිරීම යන කර්තව්‍යයන් සිදුකිරීම මඟින් ආයතනයට නව මුහුණුවරක් ලබා දීමට, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනය සඳහා ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සමඟ සහයෝගීතාවයෙන් එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා කටුබැද්දේ ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
IDB ආයතනය නව පරිච්ඡේදයකට මුලපුරන මෙම කර්තව්‍යයේදී CIPM ආයතනය වෙනුවෙන් විශේෂඥ උපදේශක සහ ආයතනික පුහුණුකරු ප්‍රසන්න ලියනආරච්චි විසින් තම දැනුම සහ මඟපෙන්වීම IDB කාර්ය මණ්ඩලය වෙත ලබා දෙනු ඇත.