යූනියන් ඇෂුවරන්ස් 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා මූලික නිර්ණායක සපුරන කැපීපෙනෙන වර්ධනයක් සහිත සවිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. සමාගම විසින් දළ ප්‍රකාශිත වාරිකයේ (gross written premium) 15%ක වර්ධනයක් අත්පත් කරගනිමින්, සාමාන්‍ය නව ව්‍යාපාර වාරික (regular new business premiums) සහ නිතිපතා අලුත් කරනු ලබන වාරික (renewal premiums) යන දෙආකාරයෙන්ම රු. බි. 21.6ක සමස්ත වටිනාකමක් සහිත ඉහළ වර්ධනයක් හිමි කර ගන්නා අතරම, වසර තුළ සිය පාරිභෝගිකයින්ට රු. බි. 7.7ක් වටිනා හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇත.
සඵල වත්කම් වෙන්කිරීම් ක්‍රමෝපායික ආධාරය ඇතිව ශුද්ධ ආයෝජන ආදායම (net investment income) රු. බි. 11.8ක් හිමිකර ගනිමින් 9%ක පෙර වසරට සාපේක්ෂ වර්ධනයක් වාර්තා කළේය. යූනියන් ඇෂුවරන්ස්, 2024 රක්ෂණ ඔප්පු හිමි අරමුදලේ අතිරික්තය ලෙස රු. බි. 3ක් බෙදා දෙන ලද අතර, රු. බි. 3.7ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (Profit After Tax) වාර්තා කරනු ලැබිණි.