Home » FentonsIT සහ IceWarp, Email විසඳුම හඳුන්වා දෙයි

FentonsIT සහ IceWarp, Email විසඳුම හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
Hayleys PLC සභා­පති මොහාන් පණ්ඩි­තගේ, Icewarp ගෝලීය ප්‍රධාන විධා­යක නිල­ධාරී ඇඩම් පැක්ල්ට්, Fentons Information Technology සාමා­න්‍යා­ධි­කාරි යුසූෆ් ඉහ්ති­ෂාම් සහ Hayleys Fentonts Limited කළ­ම­නා­කාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේම­ති­ලක.

ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාවය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි. Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology (FIT) සමඟ ආරම්භ කරන ලද ව්‍යාපාරික සහයෝගීතාව ඔස්සේ මෙය මෙහෙයවනු ලැබීම, මෙහිදී වඩාත් සුවිශේෂී වේ. ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට Microsoft 365 සහ Google Workspace සඳහා දැරිය හැකි සිය ව්‍යාපාරික පරිමාණයන්ට ගැළපෙන ආරක්ෂිත විකල්පයක් වෙත ප්‍රවේශ විය හැකි අවස්ථාවන් මෙම හඳුන්වාදීමත් සමඟ හිමිව තිබේ.

Hayleys PLC සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම නවතම විද්‍යුත් තැපැල් (Email) විසඳුම හඳුන්වා දීමේ සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division