රාත්‍රි නින්දට යන්නට සුදානම් ව සිටිය දි, අසල්වැසි නිවෙසක ගුවන්විදුලි යන්ත්‍රයකින් ඇසුන ගීතය අදටත් ගැළපෙන තව බොහෝ කාලයක් යනතුරුත් අපට ගැළපෙන එකක් යැයි සිතුනි. දුවන්නටත් ලයිසන් ඕනෑ ද කියා පොලීසියෙන් විමසන්නේ සරා නැමති ගැමියෙකි. මේ සරා පිටු පස ලුහුබඳින පොලිස් රාලහාමි වැට් වැටි දුවන්නෙ සරා අල්ලා ගන්නටය. රාලහාමි සිතන්නෙ ඔහු ළඟ ඇති තුවක්කුවට ලයිසොන් නැතැයි කියාය.
ලංකාවේ පොලීසියට වසර 159ක් පිරෙන්නෙ මේ සැප්තැම්බර් 03 වැනිදාටය. මගෙ මතකය නිවැරදි නම් ශ්‍රී ලංකා පොලිස් සේවය ස්ථාපිත වු දිනය ලෙස සැලකෙන්නේ සැප්තැම්බර් 03වැනිදාකය. රිචඩ් අලුවිහාරෙ පළමු පොලීස්පති ය. ග්‍රික වචනයක් ලෙස සැලකෙන politica වචනයෙන් බිඳී ආවක් ලෙස පොලිස් වචනය ව්‍යවහාර පොලීසිය සහ මානව හිමිකම් අතර ඇති සහ සම්බන්ධයද දශක ගණනාවක සිට නොකැඩි පවතින්නකි. පොලිස් කූඩු තුළ සිය දිවි හානි කර ගැනීම් වාර්තා වන්නේ ද අද ඊයෙක සිට නොවේ. තිරප්පනේ පොලීසියෙ කූඩුවේ සිරකරුවෙක් සිය දිව් හානි කරගෙන අදට වසර ගණනාවකි. වැඩිම පොලිස් අත් අඩංගුවේ දි මරණයට පත්විම් වාර්තා වන්නෙ 2023 වසරේදීය. ඒ සංඛ්‍යාව 20කට වැඩිය. එසේම මානවහිමිකම් කඩ කිරීම් චෝදනාවට ලක් වු පොලිස් නිලධාරන්ට තම පුද්ගලික මුදලින් ලක්ෂ එකසිය පනහකට වඩා 2023 වසරේ දි ගෙවිමට සිදුව ඇත. මානව හිම්කම් කඩ කිරිම් චෝදනාව අධිකරණයේදි වරදකරුවන්ව මෙසේ වින්දිතයනට වන්දි ගෙවීමට සිදු වු පොලිස් නිලධාරීන්ගෙ ප්‍රමාණය ද 15කට වැඩිය.
පොලීසිය බාරයට ගත් සැකකරුවකු මරණයට පත්වීම යන කාරණය සරලව ගත හැකි දෙයක් නොවේ. පොලීසිය පැත්තෙන් ඉදිරිපත් කරන කාරණාවල වලංගු භාවයද හැමවිටම ප්‍රශ්නාර්ථයක් ඇති කරවයි. එය පොලීසිය තේරුම් නොගැනිම අවාසනාවකි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පිළිබඳව වගන්ති ඇතුළත් කළ පසු වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් ගෙවිමට පොලීසියට සිදුව ඇත්තේ 2023දීය. වන්දි ගෙවීමට අමතරව වින්දිතයන්ගෙන් සමාව ගැනීමටද අධිකරණය නියෝග කර ඇත. මේ අය අතර පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මෙන්ම වෙනත් උසස් පොලිස් නිලධාරීන් ද සිටින බව හෙළිවි ඇත.
ගෙවුන සතියේ වාර්තා වු වැලිකඩ පොලිස් සිරමැදිරියේ සිටිය දි, පහර කෑමට ලක්වූ තරුණයාගේ මරණය කේන්ද්‍ර කොටගෙන ඇතිව තිබෙන සමාජ කතා බහ තුළින්ද ගම්‍යවන්නෙ පොලීසිය මේ සිද්ධිය ගැන කරන කරුණු දැක්විම් නොගැලපෙන බවය. එම කරුණු මත පොලීසියට ඔවුන්ගෙ වගකීමෙන් නිදහස් විය නොහැකිය.
පොලීසිය නීතිය සහ සාමය පවත්වාගෙන යාම අරමුණු කරගෙන ඇති කරගත් ආයතනය නම් ඒ අරමුණු වෙනුවෙන් පොලීසිය ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම දැන් ඇත්තෙ වත්මන් ආණ්ඩුව යටතේය. එය කිසිදු පැකිළීමකින් තොරව කළ හැකිවන්නේ ද මේ ආණ්ඩුවටය.
අතීතයේ අපට හමුවන නීති විරෝධී වධකාගාරවලද. තවමත් ඇසෙන පාතාල අපරාධ සම්බන්ධයෙන්ද පොලීසිය පිළිබඳ ඇසෙන කතා නිමා විය යුතු ය. පොලීසිය වෙත පැවරෙන වගකිම නිසි ලෙස ඉටු කිරිම දියුණු මානව සමාජයක් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් නොගැනීමද පවතින අඩුවකි. මානවහිමිකම් කඩ කරන පොලීසිය වෙනුවට මානව ශිෂ්ටාචාරය පෙරට ගෙනයන්නට සහය වන ආයතනයක් බවට පත් කළ යුතුව ඇත.
අතීතයේ දී උතුරු නැඟෙනහිර මෙන්ම දකුණේද දශක ගණනාවක් සිදුව ඇති අමිහිරි. බිහිසුණු සිදුවිම්වල වග උත්තරකරුවන් සෙවීමට වඩා එවන් සිදුවීම් යලි නොවන විදිහට ආයතන ප්‍රතිසංස්කරණය කිරිමයි.
අතීතය යනු සිදුවීම් සහ සිදුව අවසන් දේවල්වල එකතුවකි. එහි ප්‍රවාදයන් ද නොඅඩුය. අප මහත් අභිරුචියෙන් ඔසවා ගෙන එනු ලබන කුණු කසළ යැයි අපට නොතේරෙන දේවල් ද ඇත්තේ ඒ අතිතයේය. අප කතා කරන්නටද තලුමරන්නට ද කැමති බොහොමයක් දේ අපේ දෙපා මත බැඳ දැමු විශාල කළුගල් කුට්ටි මෙන් අපේ ගමන වලකා ඇතැයි මට සිතෙයි .
අභිමානයෙන් අප සමරන්නට කැමති අපේ නිදහස පවා අතිත උරුමයක් විනා අර්ථවත්ව යාවත්කලීන වෙමින් පවතින්නක් නොවේද. අතිතයට නෑදෑකම් කියනදේ අනාගතයට පාලමක් නොවන්නේ නම් ඉන් කවර ප්‍රයෝජනයක් දැයි සිතෙන අවස්ථාවන් අපට හමුවෙයි .
මානව පරිණාමය මුළුමනින්ම නැවති නැති අතර තවමත් මානව පරිණාමය සිදුවෙමින් පවතින බව බටහිර ඇතැම් මානව විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නකි. මානව පරිණාමය පිළිබඳව මේ ප්‍රකාශය සත්‍යයක් යැයි සිතන්නට පොළඹවන අත්දැකීම් අපට ද ආගන්තුක නොවෙනු ඇත.