55
“මගේ හිත යට
දැඩි දුකක් තියෙනවා.”
“ඒ මොකක් නිසා ද?”
“මට වයස
දෙකක් තුනක් වන විට
මගේ අත්තම්මා මියගිහින්.
මට ඇය පිළිබඳ
මතකයක් නෑ.
එහෙත් මට කවා පොවා
හදාවඩා තිබෙන්නෙ
අත්තම්මා තමයි.”
“ඔබේ අත්තම්මා
ඔබ හදා වඩා තිබෙන්නෙ
පැතිරුණු මනුෂ්‍ය ආදරයකින්.”
“මට දුක
මගේ අතින් වතුර පොදක් වත්
දීමට ඇය ජීවත් නොවීම ගැන.”
“ඉතින් ඔබ දැන්
යුතුකම ඉටු කළ යුතුයි.”
“ඒ කොහොමද?”
“සියලු අත්තම්මාවරුන්ට
ඒ පුළුල් ආදරය දක්වන්න.”