Home » වැසි ජල අපවහනය ‍ බිඳ වැටේ
කොළඹ මහ නගර සභාවේ කල්මැරීමෙන්

වැසි ජල අපවහනය ‍ බිඳ වැටේ

ප්‍රධාන මාර්ග පවා සුළු වැස්සටත් යට වේ

by Mahesh Lakehouse
April 12, 2025 12:38 am 0 comment
තාරක වික්‍රමසේකර

කොළඹ නගරයේ වැසි ජලය පාලනය කිරීම උදෙසා ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ බහුතර ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවේ අකාර්යක්ෂමතාව නිසා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් විශාල මහජන පීඩාවක් හට ගෙන තිබේ. මේ තත්ත්වය නිසා සුළු වැස්සකදී පවා කොළඹ නගරයේ විශේෂිත මාර්ග කිහිපයක්ම අධික ලෙස ජලයෙන් යට වීමෙන් නගරයේම කටයුතුවලට විශාල බාධා හා අවහිරතා මතුව තිබේ.

කොළඹ නගරයේ ගංවතුර පාලනයට මෙන්ම ජල ගැලීම් වැළැක්වීම ඇතුළු ජලාපවහන කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන ව්‍යාපෘති දෙකක් වන ලෝක බැංකු ආධාර මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නොරිස් ඇළ සංවර්ධන ව්‍යාපෘතියත් ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් සංඝරාජ මාවතේ ක්‍රියාත්මක වූ වැසි ජලය ගලා යෑමේ ව්‍යාපෘතියද නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර නැත.

කොළඹ නගරයේ ජලයෙන් යටවන ප්‍රධාන ස්ථාන 20ක් පමණ නගර සභාව විසින් හඳුනාගෙන තිබුණද ඒ ව්‍යාපෘති භෞතික හා මූල්‍ය ප්‍රගතියක් අත්පත්කරගෙන නැති බවත්, කොන්ත්‍රාත් පිරිනැමීමට කොළඹ මහ නගර සභාව අපොහොසත් වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය විසින් දන්වා තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ නිරීක්ෂණ හා එකඟ වන බව කොළඹ මහ නගර සභාව පිළිගෙන ඇත.

එසේම ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කළ සංඝරාජ මාවතේ වැසි ජලය ගලා යෑමේ ව්‍යාපෘතියද අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ගේ අසමත්කම නිසා බව නිසා බවද ජාතික විගණන කාර්යාලය විසින් නිර්දේශ කර තිබේ. මේ සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division