Home » වසාවිලාන්-පේදුරුතුඩුව මඟ වසර 34කට පසු යළි ඇරේ

වසාවිලාන්-පේදුරුතුඩුව මඟ වසර 34කට පසු යළි ඇරේ

by Mahesh Lakehouse
April 12, 2025 12:37 am 0 comment

අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ යාපනය – පලාලි මාර්ගයේ වසාවිලාන් මංසන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි දක්වා වූ මාර්ගය පසුගිය සිකුරාදා සිට මහජනතාවට විවෘත කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

කිලෝමීටර් 3කට ආසන්න මේ මාර්ග කොටස යළි මහජනතාවගේ ගමන් පහසුව පිණිස විවෘත කරන ලද්දේ වසර 34කට පසුවය. එහෙත් ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් නොවන ලෙස මේ මාර්ගය භාවිත කළ යුතු බවට උතුරේ ජනතාවට දැනුම් දී ඇති අතර, මාර්ගය විවෘත කර ඇත්තේ මඟී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් පමණි. ඒ සඳහා ජනතාව විසින් පිළිපැදිය යුතු නිර්ණායක මාලාවක්ද ලබා දී තිබේ. ඒ අනුව වාහන නවතා තැබීමට අවසර නැති අතර, මාර්ගය දෙපස ඡායාරූප හෝ වීඩියෝ ගැනීම තහනම්ය. වාහනයෙන් බැස මාර්ගයේ ඇවිදීමද නොකළ යුතුය. එමෙන්ම වාහනවල උපරිම වේගය පැ.කි.මී. 40ක් විය යුතු අතර, හැඳුනුම්පත් හෝ හඳුනාගැනීමේ වෙනත් ලේඛන හෝ තිබිය යුතුය. මේ මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතු මත මාර්ගය මහජනතාවට විවෘතව තැබෙන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division