භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය සිකුරාදා පිරිනමන ලදී.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.