ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වසරේ ජනවාරි 1 දා සිට මේ දක්වා මහ මුහුදේ සහ රටේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද මෙහෙයුම්වලින් රුපියල් මිලියන 11,693ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සිළුමිණට කීය.
බටහිර මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 1,700ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයද මීට අයත්ය. හෙරොයින් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 191.5ක්, අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 903.9ක්. දේශීය ගංජා කි.ග්‍රෑ. 1.6ක්, හෂිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 19.3ක්, මත්පෙති 23,145ක්, විදේශීය දුම්වැටි විශාල ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 46 දෙනකුද මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව ගිය වසරේ මහ මුහුදේ සහ ගොඩබිමේදී සිදු කරන ලද මෙහෙයුම්වලින් රුපියල් දස ලක්ෂ 28,158කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමඟ දේශීය සහ විදේශීය පුද්ගලයන් 407ක් අත්අඩංගුවට ගෙන තිබිණි.