මහනුවරදී පැවැත්වෙන ශ්‍රී දළදා දැක්ම වෙනුවෙන් මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන් 8500ක් පමණ යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සිළුමිණට කීය.
මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය ඇතුළත ආරක්ෂක කටයුතුවල යෙදවීමට ද කටයුතු යොදා ඇති බව පොලිස් මාධය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය. මේ කාලය ඇතුළත මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.