ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17ක මූල්‍ය සහයෝගය ලබා ගනිමින් ඇරඹුණු බෞද්ධ විහාරස්ථාන ඇතුළු රට පුරා ආගමික සිද්ධස්ථාන 5,000 ක් සූර්ය විදුලියෙන් සවිබල ගැන්වූ සූර්යබල ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ලෙස මේ වන විට එහි අවසන් අදියරට ළඟා වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේද සහයෝගයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟීය. එමඟින් දිවයින පුරා විසිරී පවතින බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇතුළු සර්ව ආගමික සිද්ධස්ථාන 5,000ක් ආවරණය වන පරිදි එම සිද්ධස්ථානයන්හී වහල මත (පියැසි මත) සූර්ය පැනල කට්ටල සවි කිරීමට පියවර ගැනුණි.