විවිධ චිත්‍රපට නිපදවා ඇති ඉන්දුනීසියානු චිත්‍රපටවල සිනමාකරණය ගැන මම මවිත වෙමි.” මෙසේ පවසන, ඉන්දුනීසියානු චිත්‍රපට නිළියක් වන ඈ, ඉන්දුනීසියානු මවකට හා අමෙරිකානු පියෙකුට දාව 1995 ජුනි 02 වැනි දින නිව්යෝර්ක් නගරයේ ක්වින්ස් හිදී උපත ලැබුවාය. පවුලේ එකම දරුවා වූ ඇය ජකර්තා වෙත ගොස් අධ්‍යයන කටයුතු ඇරඹුවාය. තම පාසල් කාලය අවසන් වනතුරුම ඈ එහි හැදී වැඩුනාය.
වේදිකාව, සිනමාව තුළ එක සේ දස්කම් දක්වමින් අද වන විට ඉන්දුනීසියානු චිත්‍රපට ලෝලීන්ගේ තාරකාවක් වී ඇති ඇය “චෙල්සි එලිසබෙත් ඉස්ලාන්” නම් වේ.
කුඩා අවධියේ සිටම රංගනයට මහත් කුසලතා දැක්වූ ඇය, වරක් “Once on This Island” වේදිකා නාට්‍යයක පෙනී සිටියාය. ඒ ඇගේ පාසල් අවධියයි.
ඊට පසු කාලවල ඇය අවස්ථා ගණනාවකම වෙෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටියාය.
තම උත්සාහය, හැකියාව, කැමැත්ත නිසාම 2013 වසරේ දී රංගනයට පිවිසි ඇය, මුල් වරට ඇෆ්ගන්සියා රේසා සහ මෞඩි අයුන්ඩා සමඟ Refrain චිත්‍රපටයට රංගනයෙන් තම දායකත්වය ලබා දුන්නාය.
පසුව Street Society නම් චිත්‍රපටය සහ Merry Riana: Mimpi Sejuta Dolar නම් චරිතාපදාන චිත්‍රපටය මෙන්ම 2014දී Tetangga Masa Gitu නම් කතා මාලාව සමඟ රංඟනයෙන් විශිෂ්ට සාර්ථකත්වයක් හිමි කර ගැනීමට සමත් වූවාය. එහි ඇගේ චරිතය නිසා විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තාය. ඉන් නොනැවතුන ඉස්ලාන්. 2015 වසරේදී ඵෙතිහාසික නාට්‍යක් වන Di Balik 98 හි තම සහජ දක්ෂතා පෙන්වමින් එහි රංගනයට දායක වූවාය. යළිත් 2016 වසරේ “Rudy Habibie” නම් තවත් චරිතාපදාන නාට්‍යකට දායක විය. මේ ද්විත්ව චරිත සඳහා 2015 සහ 2016 වසර වල සිට්‍රා සම්මාන උලෙළේ දී හොඳම නිළිය කාණ්ඩයේ IIan සඳහා අඛණ්ඩව නාමයෝජනා ලබා ගත්තාය.
2016 වසරේදී “3 ශ්‍රීකාන්ඩි “හි තම චරිතය වෙනුවෙන් ඉස්ලාන් හොඳම සහාය නිළිය සඳහා ” මායා” සම්මානය හිමි කර ගත්තාය. ඉන් පසු 2017 වසරේ ඇය, ප්‍රියතම සහය නිළිය සඳහා ඉන්දුනීසියානු චිත්‍රපට සම්මානය සමඟ 2016 බැංඩුන් චිත්‍රපට උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඒ සමඟම ඇය 2016 වර්ෂයේ මෝ බ්‍රදර්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ටිමෝ ට්ජාජන්ටෝ විසින් රචිත ” හෙඩ්ෂොට්” චිතුපටයෙහි “අයිලින් “නමැති වෛද්‍යවරියකගේ චරිතයට පණ පෙව්වාය. එය මතකය නැති වූ මිනිසෙකු වටා ගෙතුණු අපූර්ව චිත්‍රපටයකි.
ඇය පියවරෙන්, පියවර ඉන්දුනීසියානු සිනමාව ආක්‍රමණය කළා යැයි කිවහොත් නිවැරදිය.
“මේ ද ඩෙවිල් ටේක් යූ” (May the Devil take you) චිත්‍රපටයේ “ඇල්ෆි” ගේ ප්‍රධාන චරිතය රඟ පෑ අතර 2018 සැප්තැම්බර් 3 වන දින 75 වන වැනීසියේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී එහි මංගල දර්ශනය පැවැත්විණි. එහි අනුප්‍රාප්තිකය වන May the Devil Take You Too 2020 වසරේ දී නිකුත් කරන ලදි.
විචාරක හා වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටයක් වූ
එය 2018 වසරේ නිකුත් කරන ලද,’ටිමෝ ට්ජාජන්ටෝගෝ ‘අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයද වේ. මෙහි දෙවෙනි මෙන්ම තුන්වැනි අනුවර්තනයෙහිද ඈ පෙනී සිටීමට නියමිතය.
ඉස්ලාන් 2015 සිට 2018 දක්වා,
අවසන් වරට සම්මාන ප්‍රදර්ශනය පැවැත්වූ වසර තෙක් වසරේ නිළිය සඳහා අඛණ්ඩව ඉන්දුනීසියානු තේරීම් සම්මාන හතරක් දිනා ගත්තාය.
ඉස්ලාන් ලෝරියල්, ගාර්නියර්, ටෝකෝපීඩියා, පීසා හට්, ඔපෝ, මැග්නම්, රෙක්සෝනා සහ මාතාහාරි ඩිපාර්ට්මන්ට් ස්ටෝර් වැනි වෙෙළඳ නාම සඳහා බහු වෙෙළඳ දැන්වීම්වල ද පෙනී සිට ඇත.
චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්දුනීසියාවේ නම ජාත්‍යන්තර මට්ටමට ගෙන යා හැකි නිර්මාණ බිහි ඇති බව ඇය පවසයි.
ශ්‍යාමා දේවිකා රණපති