ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරගෙනම ඕන්න අද ෆ්‍රී එකේ අයිඩියාස් ටික එළියට දාන්නයි හිතුවෙ.
හැමදාමත් ලොකු ලොකු අය ගැන ලියන නිසා අද මේ ෆ්රීමෑන් හිතුවා අපේ පොඩ්ඩන්ට අලුත් අවුරුද්දෙ හොඳ හොඳ… පොඩි අයිඩියාස් ටිකක් දෙන්න ඕනැ කියල. එහෙම කිවුවාට මේ අයිඩියාස් ලොකු අයියල අක්කලටත් වැඩක් නැත්තෙම නැහැ හොඳේ…
විශේෂයෙන්ම ඉස්කෝලෙ යන දූලා පුතාලා ඕඩියන්ස් එකටයි මේ කියන්නෙ. අලුත් අවුරුද්ද කියන්නෙ හැම අවුරුද්දකම අපට භුක්ති විඳින්න ලැබෙන ඉහළම සංස්කෘතික මංගල්‍යයක්. අපි සංස්කෘතිකමය වශයෙන් කොහේද ඉන්නෙ කියලා උරගා බලන උත්සව සමයක්. වැඩිපුරම සතුටින් විනෝදයෙන් කාලය ගෙවන්න උත්සාහ කරන දින කිහිපයක් නෙමේ.
ඒ අතරිනුත් දූලා පුතාලා වැඩි අවධානයක් කැමැත්තක් දක්වන්නෙ සෙල්ලම් කරන්න. වෙනත් වචනෙකින් කිවුවොත් ක්‍රීඩා කරන්නනේ… නැති යාළුකම් ඇති කරගන්න ඇති යාළුකම් අලුත් කරගන්න ක්‍රීඩාව තමයි හොඳම ටූල් එක. ක්‍රීඩා පිටිය තමයි හොඳම තැන. මොකද කාරණේ කියන්නෙ: ක්‍රීඩාව කාටත් පොදු කවුරුත් ප්‍රිය කරන ගොඩ වෙන්න කැමැති වේදිකාවක්.
මම කියන මේ අයිඩියා එක හොඳටම පෙන්නුම් කරන කාලයක් මේ ඇවිත් තියෙන්නෙ. අපේ වැඩිහිටියොත් කියන විදියටත් නැති නෑදෑකම් ඇති කරගන්න, ඇති නෑදෑකම් වැඩි කරගන්න හොඳම කාලයක්. මේ හැම අතින්ම බැලුවොත් කවුරුත් වගේ මේ දවස්වල සෙට් වෙන්නෙ මොකක් හෝ ක්‍රීඩාවක් එක්ක. මොකද කාරණේ කියන්නෙ: පරණ දේවල් අමතක කරලා අලුත් දෙයක් ගැන හිතන්න මයින්ඩ් එක රිෆ්රෙෂ් කරගන්නත් ක්‍රීඩාව යොදාගන්න පුළුවන්…
බොහෝ වේලාවට අපේ දූල පුතාල ඉස්කෝලෙදි යම් ක්‍රීඩාවක් කළත් මේ අවුරුදු කාලෙ තියෙන ක්‍රීඩා තරගවලදී ඊට වෙනස් අවුරුදු සංස්කෘතියට ගැළපෙන ක්‍රීඩාවකට එන්ටර් වෙන්න ඉඩ තියෙනවා. එහෙම අවස්ථාවකදී ඒ ක්‍රීඩාවට සරිලන හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවද කියන කාරණේ තමන්ම හොඳින් අවබෝධ කරගත යුතුයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් තමන් හොඳ ෆිට් එකේ ඉන්නවද කියල හිතල බලන්න ඕනෑ.
එහෙම නැති නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගැනීම හෝ අඩුම වශයෙන් ඒ ගැන දැනුමක් ඇති වැඩිහිටියකුගෙන් උපදෙස් ගත යුතුයි කියලා මතක් කරනවා. මොකද කාරණේ කියන්නෙ: අපි දන්න විදියට ක්‍රීඩාව කියන්නේ අපිව යහපත් කරවන ටූල් එකක්. ඒ නිසානේ පැරණි කියමනක් තියෙන්නෙ “ක්‍රීඩාව යහපත් නීරෝගි මිනිසකු බිහි කරවයි” කියල.
එහෙම එකේ ක්‍රීඩාව කරන්න ගිහිල්ල රෝගියකු වෙන්න ඉඩ-කඩ හදාගන්න ඕනැ නැහැනේ. අනේ මෙහෙම කිවුවා කියල නෙගටිව් මයින්ඩඩ් වෙන්න නම් එපා හොඳේ. මේ කියන්නෙ මේ දිනවල තිබෙන රස්නයත් එක්ක එළිමහන් ක්‍රීඩාවල යෙදෙද්දී සැලකිලිමත් විය යුතු පාරිසරික කරණාත් තියෙනවා. විශේෂයෙන්ම බයිසිකල් රේස්, මැරතන් වගේ තරග සංවිධානය කරන අයත් ඒ තරග උදේ 8.00ට කලින් පටන්ගත යුතුයි කියල සෞඛ්‍ය අමාත්‍යාංශය පවා උපදෙස් දීලා තියෙනවා. ඒ ගැන වැඩි විස්තර අපි ගිය සතියෙ පත්තරෙන් ඔබ දැනුම්වත් කළා.
කොහොම කොහොමහරි කමක් නැහැ, අලුත් අවුරුද්දෙ අලුත් විදියට හිතන්න, එන්ජෝයි කරන්න. පරණ වැරදි නිවැරදි කරගන්න උත්සාහ කරන්න. වැඩිහිටියන්ගෙ අවවාද උපදෙස් පිළිපැදීමේ ගුණය ප්‍රගුණ කරගන්න. ජය පරාජය එක සේ පිළිගන්න. ක්‍රීඩාවෙන් බලාපොරොත්තු විය යුත්තේ ජයග්‍රහණය පමණක් නොවෙයි. ඔබ පරාජයක් ලැබුවහොත් යළි නැඟිට ජයග්‍රහණය කරා යා යුත්තේ කෙසේද කියන පාඩමත් ක්‍රීඩාවෙන්ම ඉගෙන ගත හැකියි, කියන කාරණයත් මතක් කරමින් අදට නවතිනවා.