රුසියානු දූපතක අතහැර දැමූ ගොඩනැඟිලිවල හිම වලසුන් ජීවත් වන බව සනාථ වී තිබේ. ඒ වනජීවී සංචාරක ඡායාරූප ශිල්පියකුගේ සංකේතාත්මක පින්තූර සමූහයක් ලෝපතළ වීමත් සමඟයි. රුසියානු වනජීවී ඡායාරූප ශිල්පී දිමිත්‍රි කොක් සහ ඔහුගේ කණ්ඩායම රුසියාවේ ඊසාන දිග චුකොට්කා අර්ධද්වීපය වටා යාත්‍රා කරමින් සිටියදී නොසිතූ මොහොතක කාලගුණය වෙනස් වී ඇත. ‘අපි අධික කුණාටුවකට මුහුණ දුන්නා.තද සුළං සහ රළ සමඟ, බෝට්ටුව කුඩා වූ නිසා කුණාටුවෙන් රැකවරණය ලබාගැනීමට ස්ථානයක් සොයාගන්න අපි උත්සාහ කළා’ කොක් කියයි. ඔවුන් අත්හැර දැමූ ජනාවාස රහිත දූපතක සෝවියට් යුගයේ කාලගුණ මධ්‍යස්ථානයක නිවහනකට ගොඩ වී ඇත. එහිදී ඔවුන් මෙම අනපේක්ෂිත සොයා ගැනීම සිදු කර ඇත.‘අපි කවදාවත් අපේක්ෂා කළේ නැහැ හිම වලසුන්ව මෙහි දකින්න. වසරේ මෙම කාලයේදී, ඔවුන් මුහුදේ අයිස් මත සිටිය යුතුයි’ ඔහු තවදුරටත් කීවා.
අත්හැර දැමූ ආක්ටික් කාලගුණ මධ්‍යස්ථානයක හිම වලස්සු
35
previous post