මධ්‍යම ඉන්දියාවේ මුම්බායි නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණ පරිශ්රයක පිහිටා ඇති වසර 75ක් පවත්වාගෙන ආ වෙළෙඳසලක් අද වන විට වසා දැමීමේ අභියෝගයකට මුහුණ දී තිබේ. ඒ අන්තර්ජාලය හරහා පළාත්වාසීන් සාප්පු යෑමට ආරම්භ කිරීමත් සමඟයි. වෙළෙඳසල් හිමි රාම්ජී දරෝඩ් ඒ ගැන කියා ඇත්තේ මෙවැන්නක්, ‘මම මේ කඩේ කරන්නේ මට අවුරුදු දහයේ පටන්. මෑතක් වන තුරු මට කඩේ විවෘත කළාම හුස්මක් ගැනීමට මිනිත්තුවක් තිබුණේ නැහැ. ඒත් දැන් කඩේට කවුරුහරි එන්නේ හරිම කලාතුරකින්. හැමෝම දැන් අන්තර්ජාලයෙන් සාප්පු සවාරි යනවා. මම තීරණය කළා විශ්‍රාම යන්න. කඩේ වහල දාන්න.’ ඉන්දියාවේ මේ ආකාරයෙන් වෙළඳසැල් විශාල සංඛ්‍යාවක් වසා දැමීමේ තර්ජනයට මුහුණ දී ඇති බව සඳහන්ය.
අන්තර්ජාලයේ සාප්පු සවාරි සහ ඉන්දියාවේ කඩපොළ
146
previous post