Home » හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

by chanaka
April 15, 2025 9:14 am 0 comment

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව සංවිධාන කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division