Home » කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව අලුත් වෙයි

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව අලුත් වෙයි

by chanaka
April 15, 2025 9:16 am 0 comment

කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා පසුගිය දා (13) සමත් විය.

අමෙරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය.

ඒ අනුව කවපෙත්ත ඉසිකිරීමේ දී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය.

කෙසේ නමුත් තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙහි පෙර ලෝක වාර්තාවේද හිමිකරුවාය.

පසුගිය වසරේ දී ඔහු මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටුවීය.

එහි විශේෂත්වය වන්නේ එවරද ඔහු එම ලෝක වාර්තාව පිහිට වූයේ ඊයේ ලෝක වාර්තාව බිඳදැමූ ස්ථානයේදීම වීමයි.

පසුගිය වසරේදී ඇලෙක්නා එම වාර්තාව පිහිටවනු ලැබුවේ එතෙක් වසර 38ක (1986 වසරේ සිට) දීර්ඝ ලෝක වාර්තාවේ අවසානය සනිටුහන් කරමින්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division