Home » සුබ නැකතින් වැලිකඩදී සැකසුණු මෙරට විශාලතම අලුත් අවුරුදු කිරිබත

සුබ නැකතින් වැලිකඩදී සැකසුණු මෙරට විශාලතම අලුත් අවුරුදු කිරිබත

by chanaka
April 15, 2025 9:17 am 0 comment

ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම ඊයේ (14) සිංහල හා දෙමළ  අලුත් අවුරුදු දා ,සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් සිදු කෙරිණි.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන් ඊයේ අලුයම සකස් කළ  මෙම අවුරුදු කිරිබතට කැකුළු  සහල් කිලෝ 400ක් ,පොල් ගෙඩි 705ක් ඒ් සඳහා යොදා ගෙන තිබිණි. කිරිබත සඳහා රසවත් ලුණු මිරිසක්ද රැඳවුවන් අතින් සකස් කළ අතර ඒ් සඳහා බී ලූණූ කිලෝ 60ක් ,වියළී මිරිස් කිලෝ 12ක් ,අමුමිරිස් කිලෝ 07ක්,තක්කාලි සහ දෙහි කිලේ 10 බැගින් ,දියලුණු කිලෝ 30ක් යොදා ගැණිනි.

මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වූ අතර ඒක් අයකුට හිමිවූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි.

අද අලුත් අවුරුදු දා මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා පිළියෙළ වූ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා පැවැසුවේ 30,000ක් පමණ රැඳවුවන් විශාල පිරිසක් ඒකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේ ෂත්වයක් බවයි.

අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාරතුළ ඉටු කිරීමද ඒ ඒ බන්ධනාගාරයන් තුළදී ඊයේ
සිදු වූ බවත් 16 වැනිදා ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද රැඳවුවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටු කරන බවද දිසානායක මහතා කියයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division