Home » ව්‍යාජ ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමක් – රජයෙන් දැනුම් දීමක්

ව්‍යාජ ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමක් – රජයෙන් දැනුම් දීමක්

by chanaka
April 18, 2025 12:03 pm 0 comment

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැ‌ගෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන බව නිරීක්ෂණය වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙබඳු ආරාධනා පත්‍රයක් රජය විසින් නිකුත් කර නොමැති බව අවධාරණය කෙරේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර තිබේ.

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැත.

තවද මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division