Home » පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂාව තර කිරීමට පියවර

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂාව තර කිරීමට පියවර

by chanaka
April 18, 2025 8:04 am 0 comment

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා , ඊයේ ( 17) විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී දන්වා සිටියේය.

2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුල පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division