Home » මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට යළි ADB බැංකුවේ සහාය

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට යළි ADB බැංකුවේ සහාය

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
ඉනෝකා පෙරේරා

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) සිය ව්‍යාපාරවල පැවැත්ම සඳහා අරගල කරමින් සිටින බැවින්, ඒවාට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) නැවත කැප වී සිටින බව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, ටකාෆුමි කඩෝනෝ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව කාරක ප්‍රාග්ධනය සැපයීම, ව්‍යාපාර සඳහා ආයෝජන ණය ලබා දීම සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයන් සඳහා හිතකර පරිසරයක් ශක්තිමත් කිරීම දිගටම කරගෙන යන අතර, පසුගිය වසරේ මෙන් මේ වසරේද අමෙරිකන් ඩොලර් මිලියන 808ක ණය ප්‍රමාණයක් ලබා දීම සිදු වනු ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ සඳහා වන ආධාර, ප්‍රතිසංස්කරණවලට යටත් වනු ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

2025 අප්‍රේල් සඳහා බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනය වන ADO පුරෝකථනය කරන්නේ, 2024දී ආර්ථිකය ශක්තිමත් සහ ප්‍රකෘතිමත් වීමෙන් පසු ශ්‍රී ලංකාව 2025 දී 3.9%ක මධ්‍යස්ථ වර්ධනයක් සහ 2026දී 3.4%ක මධ්‍යස්ථ වර්ධනයක් දිගටම පවත්වාගනු ඇති බවයි. එසේම මෑත කාලීන දරුණු අර්බුදයෙන් පසු ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙන බවද, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවත්, ණය තිරසරභාවය කරා ප්‍රගතියක් ලබා ඇති බවත් දැකීමට ලැබීම අපට සතුටට කරුණකි… මධ්‍ය කාලීනව ණය අවදානම අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තිරසරව පවත්වාගැනීම සහ තිරසර ප්‍රකෘතිමත් වීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සහ වර්ධන පුනර්ජීවනය සඳහා පදනමක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යය යි…” පැවසූ ඔහු ශ්‍රී ලංකාවට ශක්තිමත් සහ කල් පවතින ප්‍රකෘතියක් ලබා ගැනීමට උපකාර කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුව ස්ථිර හවුල්කරුවකු ලෙස සිටිනු ඇතැයිද පැවසීය.

“ශ්‍රී ලංකාව බාහිර හා මූල්‍ය ආරක්ෂණ ගොඩනැඟීමට දරන උත්සාහයන් තිරසරව පවත්වා ගත යුතු අතර, පෞද්ගලික අංශය ප්‍රමුඛ වර්ධනය හරහා වෙළෙඳාම සහ ආයෝජන සඳහා සහාය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. අමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමෙන් තීරුබදු ආපසු හැරවීම් පිළිබඳ නිශ්චිතභාවයක් නැත. තීරුබදු ආපසු හැරවීම් සිදු විය හැකි හෝ නොවිය හැකිය. ශ්‍රී ලංකාව අඩු තීරු බදු ලබා ගැනීමට සහ ශක්තිමත් වෙළෙඳ ගිවිසුම්වලට අනුවර්තනය වීමට සාකච්ඡා කළ යුතුය…” මාධ්‍ය හමුව අමතමින් ADB නියෝජිතයෝ පෙන්වා දුන්හ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division