Home » අන්තර්ජාතික වෙළෙඳ නාම සමඟ ශ්‍රී ලංකාව 2025 Global Franchise Forum සඳහා සූදානම් වෙයි

අන්තර්ජාතික වෙළෙඳ නාම සමඟ ශ්‍රී ලංකාව 2025 Global Franchise Forum සඳහා සූදානම් වෙයි

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

The Global Franchise Forum (GFF) 2025 හි ශ්‍රී ලාංකේය සමුළුව අප්‍රේල් 27 වැනි දින කොළඹ ෂෙරටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ. මෙම ප්‍රමුඛපෙළේ සමුළුව, ප්‍රධාන ගෝලීය වෙළෙඳසන්නාම, ආයෝජකයන් සහ ව්‍යවසායකයන් එකට එක් කරමින්, ඔවුන්ට ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය වෙ‍ෙළඳපොළ තුළ ව්‍යාප්ති අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දෙයි.

මෙම සමුළුව සඳහා ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI), ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICC), කොළඹ වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වැනි ප්‍රමුඛ සංවිධානවල සහයෝගීතාවද හිමිව තිබේ. ඔවුන්ගේ සහයෝගීතාව, කලාපය තුළ අන්තර්ජාතික ප්‍රචාරණ ව්‍යාප්තිය සහ ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමේ දී මෙම වැඩසටහනේ ඇති වැදගත්කම අවධාරණය කරයි.

මෙහිදී වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, අන්තර්ජාතික වෙළෙඳ නාම සඳහා ඉහළ යන ඉල්ලුමක් සහිත පුළුල් වන පාරිභෝගික වෙළෙඳපොළක් සහ ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති සමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට උපායමාර්ගික දොරටුවක් විවෘත කර දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division