Home » අබාන්ස්, පාසල් ව්‍යවසායකත්ව වැඩසටහන හා එක්වෙයි

අබාන්ස්, පාසල් ව්‍යවසායකත්ව වැඩසටහන හා එක්වෙයි

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාව තුළ ව්‍යාවසායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා අබාන්ස් සමාගම විසින් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වෙමින් දිවයිනේ පාසල් තුළ කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහන ආරම්භ කර ඇත. දැයේ සිසු පරපුර ව්‍යවසායකත්වයෙන් සවිබල ගන්වමින් රටේ ආර්ථික වර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට මෙමඟින් අපේක්‍ෂා කරයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිසු පරපුර අතර ව්‍යවසායකත්ව සංස්කෘතියක් සහ ව්‍යවසායකත්ව මානසිකත්වයක් උද්දීපනය කර ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලීව සහ ඵලදායීව දායක වන ව්‍යවසායකත්ව පරපුරක් රටට දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. වසර 50කට අධික සාර්ථක ව්‍යාවසායකත්ව ඉතිහාසයක් හිමි අබාන්ස් සමාගම මෙහිදී කැපී පෙනෙන දායකත්වයක් සපයනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division