AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Lankify ආයතනයේ සහයෝගීතාවයෙන් පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ජල ක්‍රීඩා සැණකෙළිය වන AIA AquaFest 2025, නොබෝදා කොළඹ ගාලුමුවදොරදී පවත්වන ලදි.
මෙම ජල ක්‍රීඩා සඳහා රුවල් ඔරු පැදීම, ජෙට් ස්කී පැදීම, කයැක් ඔරු සහ මකර බෝට්ටු පැදීම යන විනෝදාත්මක ක්‍රීඩා තරග රාශියක් ඇතුළත් වූ අතර, එය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ගාලුමුවදොර වෙරළ තීරයට පැමිණ සිටියහ. මෙහි එක් අරමුණක් වූයේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය මෙන්ම පුළුල් ආර්ථික සංවර්ධනයක් සඳහා දායක වීමයි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මේ පිළිබඳ පැහැදිලි කළේ, “සමෘද්ධිමත් ජාතියක් ගොඩනැඟෙන්නේ සෞඛ්‍යසම්පන්නව දිවි ගෙවන්නා වූ ජනතාවක් පදනම් කරගෙනයි. AIA AquaFest 2025 ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ජාතියේ සමාජ ආර්ථික ප්‍රගමනය සඳහා දායක වීමට ඇති කැපවීමයි…” යනුවෙනි.