ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ජර්මනියේ පැවති PAX Leadership Awards 2025 සම්මාන උලෙළේ දී ‘Outstanding Food Service by a Carrier South Asia’ සම්මානය හිමි කර ගත්තේය. තම ගුවන් යානාවල ගමන් කරන මඟීන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් ප්‍රණීත ආහාරපාන පිරිනැමීම වෙනුවෙන් මෙම සම්මානය හිමි විය.
PAX Leadership සම්මාන උලෙළ සංවිධානය කරනු ලබන්නේ PAX International සහ PAX Tech යන සඟරා විසිනි. ලොව පුරා විසිරී සිටින ගුවන් සේවා වෘත්තිකයන් 15,500කට අධික පිරිසකගේ මනාපය අනුව එහි ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.
“ ගුවන් ගමනක් අතරතුර ලබා දෙන ආහාරපාන යනු එම ගුවන් ගමන වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කිරීම සඳහා බලපාන ප්‍රධානතම සාධකයක්. මඟීන්ට තම අවශ්‍යතාව අනුව ආහාරපාන තෝරා ගැනීමට හැකි වන අතර, ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා. අපගේ උත්සාහය සාර්ථක බවට මේ සම්මානය සාක්ෂියක්…” ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වාණිජ කටයුතු ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.