– නේවාසිකව ප්‍රතිකාර ලබන්නන්ට මානසික සුවයක්
– බඳුන්වල ගස් වැවීමේ කලාව චීනයෙන් ජපානයට ව්‍යාප්ත වූවක්
සොබාදහම හරි අපූරුය. එනිසාම ඊට බොහෝ දෙනා ඇලුම් කරති. සොබාදහමට ඇලුම් කරන්නෝ ස්වභාව දහම විඳින්නට ආදරයෙන් වැලඳ ගන්නට ද එක්වෙති .
කොන්ක්‍රිට් වනාන්තරයක වෙසෙන ඔබට මහ කැලැවක් ඔබේ නිෙවසේම ‘මවන්නට’ සිතුණහොත් එය විකාර මෝඩ සිතුවිල්ලකැයි කෙනෙකුට සිතෙනු ඇත. එය දිවා කල දුටු සිහිනයකැයි තව කෙනෙකුට සිතිය හැකිය. එහෙත් කුඩා නිෙවසක මෙවන් ‘විසල් වනයක්’ සැබවින්ම තිබුණහොත් ඇතිවන මානසික සතුට කෙබඳුද. එකී සිහිනය සැබෑ කිරීමේ කලාවක් ඇතැයි කීවොත් ඔබ පුදුම නොවිය යුතුය. බොන්සායි කලාව.
මොකක්ද මේ බොන්සායි කලාව.
වසර දෙදහසකට පෙර චීනයේ බඳූන්වල තැනූ ගස් ඉහළ ගණයේ ත්‍යාග ලෙස හුවමාරු වී ඇති බව ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන්. ‘බඳූන්වල ගස් වැවීමේ කලාවක් ලෙස පැවැති එය චීනයෙන් ජපානයට ද ව්‍යප්ත වී ඇති බව කියැවෙනවා. ‘මහා ගස් බඳුන්ගතව වැවීමේ කලාව’ ප්‍රචලිත වෙමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ බොන්සායි ප්‍රදර්ශන ද පැවැති බව සඳහන්.1923 ටෝකියෝහි ඇති වූ භූමිකම්පාවෙන් පසු වෘත්තීය වගා කරුවන් පවුල් තිහකින් යුත් කණ්ඩායමක් ඔමියාවේ පදිංචි වෙමින් එම කලාව කරගෙන යනු ලැබුවා. ‘ජපානයේ සංස්කෘතික කලාවක්’ ලෙස පිළිගැනීමට ද පෙලඹුණා. ඉහත නිජබිම්වලින් පිටත මෑතකාලීනව අනෙකුත් රටවලට මෙම බොන්සායි කලාව ව්‍යාප්තව ඇති බව පෙනී යනවා.
මේ සම්බන්ධව නිරන්තර පර්යේෂණයන්හි නිරත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර් ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සමඟ කතාබහක යෙදුනෙමි.
“බොන්සායි කියන වචනයේ තේරුම ‘පැතලි බඳුනක ඇති ශාකයක්’ කියන එක.ශීත කාලෙට කැලේට යන්න බැරි නිසා කැලේක තියෙන හැඟීම ගේ ඇතුළේ තියාගන්න විශාල ශාකයක කුඩා රූපාකාරයක් නිර්මාණය කරනවා. මේ රූපාකාර නිමවන්න සෑහෙන මහන්සියක් කැපවීමක් කාලයක් ගතවෙනවා. ඒ වගේම නීතිරීති ගණනාවකුත් තියනවා.”
ලංකාවේ බොන්සායි වගාව සැලකීමේදී එක්තරා පිරිසක් , යම් කොට්ඨාසයකට සීමාවුණ කණ්ඩායමක් පන්තියක් අතර යම් අධිකාරියක ස්වරූපයක් ගනු දැකිය හැකියි. රුපියල් විසිපන්දහසක මිලක සිට ලක්ෂ ගණන් දක්වා මේවා අලෙවි වනවා. ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන මෙම ශාකයන්ට මෙතරම් ඉහළ මිලක් කියන්නේ ඇයි.? “බොන්සායි එක කවයක එක තලයක ඉන්න අය අල්ලගෙන ඉන්න බව පෙනී යනවා. මා මීට යොමු වන්නේ පර්යේෂණ මට්ටමින්. මේ ශාක සාමාන්‍ය කෙනෙකුට මිලට ගන්න නොහැකියි. මේ මිල ඉහළයාමටත් හේතු තියනවා. පුද්ගලයෙකුට මින් ලැබෙන වාසිය මානසික තෘප්තියයි. මේ මානසික සතුට වෙනුවෙන් ශාකයක් හදන්න විශාල වියදමක්, කාලයක්, තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මේ නිසා කරන කැප කිරීම නිසා ඉහළ මිල ගණන් කියනවා. මෙම කාලය අවම කරගැනීමට විශේෂ ක්‍රම භාවිතා කරමින් කෙටි කාලයකදී බොන්සායි ගහක් හදන්නත් හැකියාව තියනවා. විශාල ගහක කුඩාරූපාකාරය පැතලි බඳුනක හදන්න ලෝකයේ විශේෂ රීති තියනවා. ඒ රීති අනුගමනය නොකර ලස්සන ගහක් හදන ක්‍රම ලෝකයේ ප්‍රචලිත වීගෙන යනවා රුක් කලාව ( Tree Art ) වලදි පැතලි බඳුන වෙනුවට ගැඹුරු බඳුනක් යොදනවා. උදාහරණයක් ලෙස කන්දක් උඩ ගහක හැදුනොත් ඒ ගහ පහළට නැමෙනවා. කැස්කේඩ් (Cascade ) එකක් පැතලි බඳුනක තියන්න අමාරුයි මෙනිසා ඊට ගැඹුරු බඳුනක් ඕන වෙනවා.”
බොන්සායි යන්නෙහි තේරුම පැතලි බඳුනක ගහක් වෙනුවට ( Tree Art ) ‘රුක් කලාව’ වෙනත් ප්‍රවනාතාවකට යොමු වෙමින් ගැඹුරු බඳුනකට යොමු වෙන අතර බොන්සායි යන්නෙහි අරුත ගිලිහී පවතින බව මහාචාර්ය විජේරත්න පවසයි. ඔහුගේ උත්සාහය වී ඇත්තේ බොහෝ කාලයක් ශ්‍රමයක් වැයවන මෙම කලාව ඉකිමනින් සිදුකළ හැකි ක්‍රමයක් සොයා ඉදිරිපත් කිරීම වේ.
මෙම ක්‍රමය යටතේ කුමන වර්ගයේ ගස් බඳුන් කළ හැකිද?
අළංකරණය සඳහා මානසික සුවය පිණිස රෝපණය සහ වේගවත්ව වර්ධනය කළ හැකි ශාක අතර කුඹුක් මෙන්ම විදෙස් ශාක ලෙස බ්ලූබෙල්(blueBell) ඩෙස්මෝඩියම් යුනිෆෝලියේට්ම් ( Desmodium unifoliatum ප්‍රෙම්නා ( හීන්මිදි ) වේගයෙන් වැවෙන ශාක වේ. බොහෝ ඉක්මනින් මුල් පද්ධතිය වර්ධනය වී කඳ මහත්ව විශාල අලංකාර ගසක් නිර්මාණය කළ හැකියි. වේගයෙන් වර්ධනය වන ශාඛ ඉක්මනින් සැකසිය හැකි අතර කුඹුක් ඇටයකින් ලබා ගත් කුඩා පැළයක් වසර දෙකක් වැනි කාලයකදී සැකසිය හැකියි. මධ්‍යස්ථ වේගයෙන් වැවෙන ගස් අතර ජුනිපර් විශේෂ, දවුල් ,සියඹලා, මයිල, නා, වෙරළු, උගුරැස්ස, ඇට්ටේරියා, ගඟවැරැල්ල, දෙළුම්, බොක්ස්වුඩ් අයත්. අඩු වේගයකින් වැවෙන ශාක වනුයේ පළු, කළුවර, බුරුත වැනි ශාකයි.
ගස මිනිසා අතර අන්තර් ප්‍රතිචාර දැක්වීම.

සබරගමුව
විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ඒ. ඩබ්. විජේරත්න
( කථා කරන ගස් )
බොන්සායි ගසක් වැවීම තුළ මනසික සුවය මෙන්ම නව පර්යේෂණයන්ට අනුව ගසක් පත්‍ර අතපත ගාද්දී ගස ඊට ප්‍රතිචාර දැක්වීම තහවුරු වී තිබෙන බව බොටැනිකස් ඉන්ටරැක්ටිස් (Botanicus Interacticus ) යන පර්යේණ තුළින් හෙළිවෙලා තිබෙනවා. තවත් පර්යේෂණ කණ්ඩායමක් තවත් පැත්තකින් පර්යේෂණ කොට කියන්නේ ගස අතපත ගාන විට (ස්පර්ශයේදී) මිනිස් ශරීරය ඊට ප්‍රතිචාර දක්වන බවයි.
“ ගහක් ස්පර්ශයේ දී අපට සැබෑවටම සුවපත් බවක් දැනෙනවා. හැම ගසකම මේ දේ වෙනවා කියන්න බැහැ කොයි කොයි ගස් එලෙස ප්‍රතිචාර දක්වනවා ද යන්න පර්යේෂණ කළ යුතුයි. කුඹුක් ශාකය සමග දිගු කලක් පර්යේෂණ කර තිබෙනවා . එහෙම ඒවා ඇඟට දැනෙනවා. ගහ විනාශ කරනවා නොවේනෙ. මැරුණු කොළ වැඩි අතු කපනවා. කම්බි යොදා හැඩතල නිර් මාණය කරනවා. නිතර ගහ ගැන හිතනවා. එහෙම වෙද්දි ගහත් මනුස්සයත් අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගෙනවා. මෙය හිතලුවක් හෝ මිථ්‍යාවක් නොවෙයි. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. ගහේ ප්‍රතිචාර පරිගණක තිරයකට අරගෙන තියනවා. ගහ අතු ස්පර්ශයේදී විවිධ ප්‍රතිචාර දක්වන බව බොටැනිකස් ඉන්ටරැක්ටිකස් (Botanicus Interacticus) අන්තර් ජාල සෙවුම් මගින් ද තහවුරු වෙනවා.”
සැමට බොන්සායී ගසක් නිර්මාණය කරගැනීමට උපදෙස් ලබා දීම සිය උත්සාහය බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
සමන්තා කංකානම්ගේ, බෙලිහුල්ඔය සමූහ